සරස්වතියටයි ලක්ෂමියටයි එකට එක පාරේ යන්න අමාරුයි .ඒ “මුදලුත් හොයමින් අධ්‍යාපනයේ යෙදෙමු” යැයි යෝජනාවූ ප්‍රකාශයකට මුහුණු පොතේ පළවූ අදහසක්.. පිළිගැනීම්, මති මතාන්තර, සමාජයක මුල්බැසගිය ආකල්ප ආදිය නිසා අලුතින් යමක් කරන්නට සිතන්නන් නැවතත් අඩියක් පස්සට තියන්නත් පුළුවන්..
අද අපි කතා කරන්න යන්නේ කුඩා දරුවෙකු සේ වයසේ පටන් සමාජයේ යම් වෙනස් කමක් කළහැකි මට්ටමේ රැකියාවක් කරන තෙක්ම හෝ ඊටත් පසුව ව්‍යවසායක්ත්වයට අතිරේක දේවල් කිරීමට යමෙක් පෙළඹෙන්නේ කොහොමද යන්න සාකච්චා කරන්නයි .
කුඩා දරුවෙකු ගොඩනැංවෙන පරිසරයේ විශේෂයෙන් ඔහුගේ/ඇයගේ පවුළේ අයගේ ආකලප සහ ඔවුන් ඒවා දරුවෙකුට කාවද්දන ආකාරය අනුවත් ඔහු /ඇය ගොඩනැංවෙන පරිසරයෙන් ගමෙන් නගරයෙන් ඔහුට /ඇයට එකතුකරගන්නට පුළුවන් අත්දැකීම් අනුවත් ඔවුන්ගේ ජීවිතය හැඩගැස්වෙන ආකාරය තීරණය වෙනවා.
මේ ගැන අදහසක් ගැනීමට මා කුඩා කාලයේ හැදුන වැඩුන හැටිත් එහිදී මා දැනට තෝරාගෙන ඇති ජීවන මාර්ගය වෙනුවට අවශ්‍ය නම් තව රැකියා කීයක් වෙත යොමුවිය හැකිව තිබුණාද යන්නත් සලකා බලමු
පාසැල්වයස (ප්‍රාථමික පංති )
මා මුලින්ම මගේම යැයි ආදායමක් උපයන විට මගේ වයස යන්තම් අවුරුදු දහයක් -දොළහක් වූවා පමණි .. රජයේ කාර්යාලකය ලිපිකරුවෙකුවූ අපේ තාත්තා (අපේ ගමේ සිටි රජයේ රැකියා කල අතලොස්සකගෙන් කෙනෙක් ) මට කල යෝජනාවක් අනුව මගෙ මුල්ම ව්‍යවසායක්ත්ව අත්පොත තැබුවෙමි..
ගමේ තරුණ තරුණියන් එක්ව රඟ දැක්වූ “සැගවුණු දෛවය ” නම් වේදිකා නාට්‍යය අවස්ථාවේ නාට්‍ය ප්‍රදර්ශන දින තුනේ රසික රසිකාවියන්ගේ රසකැවිලි , දුම්වැටි අවශ්‍යතා සැපයීම මුදල් ඉපයීමේ අවස්ථාවක් ලෙස දැකීමෙන් මෙය ආරම්භ විය.. 1980 ලංකාවේ ඇතිවූ බ්‍රිස්ටල් , ත්‍රී රෝසස් , ෆෝ ඒසස් ආදී දුම්වැටි හිඟය වෙලඳ අවස්ථාවක් ලෙස දැකීමටත් ඒ වෙනුවෙට විකල්පයක් ලෙස මතුවූ 555 නම් සිගරට් වර්ගය මගේ වෙලඳාමට ගැණුම් කරුවන් ආකර්ෂණය කරගැනීමේ ප්‍රවේශයක් ලෙස පෙනීමත් මෙහිදී විශේෂ වේ.. නගරයෙන් තොගමිලට ශත 16 ට ගන්නා බර්නී ටොෆීයක් ගමේ නාට්‍ය වෙලාවේ ශත තිහකට මිළකරන්නට සිතීමත් තවත් වෙළඳ ප්‍රයෝගයකි..ඒ අපේ නිවසින් අපට ලැබුණු ආභාෂයයි.
ඒ අතර ගමේ නැගීඑන ව්‍යවසාසයකයෙක් වූ මාරබැද්දේ අනුර අය්යා ( වත්මන් බණ්ඩාරවෙල නගරාධිපතිගේ/පොඩි මන්ත්‍රීගේ පියා ) ඔහුගේ තාත්තාත් සමඟ අසල ගම් දෙක පුරා ගෝනියක් කරේ එල්ලාගෙන ගෙන්ගෙට ගොස් එළවලු එකතු කරන ආකාරයද දුටුවෙමි.. ඒ ඔස්සේ දිනතුනේ ව්‍යවසායක්ත්වය ඊලඟපියවරකට ගෙන යන්නේ කෙලෙසද යන්න ගැනත් හොඳ අදහසක් ඇති කරගත්තෙමි.
දිනතුනේ වෙලඳාමෙන් පාසැල් අඳින්න නිල්පාට කොටකලිසම් දෙකක් මහගන්න මට අනුර අය්යා දෙස බලා තවත් වෙලඳ අදහස් පහළ වීම වෙලෙන්දෙක් ලෙස ඉදිරියට යන්නට ප්‍රජෝයනවත්විය . ඉන් අනතුරුව ගත වූ අවුරුදු කිහිපයේ මගේ ව්‍යවසාකයත්වය ඉදිරියට යන්නේ ඉතා ක්‍රමානුකූලවය. එකින් එකට පාදක වූ සිදුවීම් විස්තර කරන්නට ගියොත් ලියවිල්ල ඉතා දිගුවිය හැකි නිසා ඒවා ලැයිස්තුගත කරන්නට සිතුවා .එහෙත් ඔබ කැමතිනම් අදාල ලින්ක් හරහා “සොඳුරු අතීතයෙන් බිඳක් ” බ්ලොග් ලියැවිල්ලට යන්න එහි එක් එක් වෙලඳාම් වඩා විස්තර සහිතව ඉදිරිපත් කර තිබෙනවා.
1. ගෙදරවත්තේ තිබුණු සීනි කෙසෙල් , වතුපාළු ආදි කෙසෙල් වර්ග අසල ඇති කේෂන් වත්තේ පඩි දෙනදාට ගමේ නිවසක වල්කපන කොල්ලෙක් ලෙස වැඩ කළ කේෂන් වත්තේ නඩරාජා සමඟ එක්වී විකිණීම (වත්තේ පඩිපොළේ වෙලෙන්දෙක් ලෙස )
2. තාත්තලා මහගෙදර වත්තේ තිබූ මාළු කෙසෙල් කැන ඇවරි ගසා ගමේ ගෙයින් ගෙට ගොස් විකිණීම
3. තාත්තලා මහගෙදර වත්තේ තිබූ ජෑම් පේර ගස් වල ගෙඩි , අපේ ගෙදරවත්තේ තාත්තා සහ මා එකතුවී හැදූ පැෂන් ෆෘට් වැලේ ගෙඩි එකල ගමේ නිවසක වෙලඳාම පිණිස ජෑම් සහ කෝඩියල් හැදූ පොරෝළිස් මහත්තයාට විකිණීම. මේ වෙනුවෙන් පේර හුණ්ඩුවකටශත විසිපහක් සහ වැල්දොඩම් ගෙඩියකට ශත විසිපහක් ගානේ මට ගෙවන ලදී . එමෙන්ම මාසය අවසානයේ නොමිලයේ කෝඩියල් බෝතලයක් සහ ජැම් බෝතලයක් ද ප්‍රධානය කිරීමට මගේ ගැනුම් කරුවා පරිත්‍යාගශීලී විය
4. වෙලඳාමෙන් වාසිවෙන බව පෙනෙද්දී අපේ නිවසේ ගස්වල තිබූ ගිරා අඹ , අලිපේර ආදිය ඉදවා උදේට නිවස අසළින් වත්තේ වැඩටගිය මල්ලිකාඅක්කාගේ දළු කූඩයට දැමීම මගේ පුරුද්දකි. මල්ලිකා අක්කා තමන් සමඟ දළු කඩන ද්‍රවිඩ ගැහැණුන්ට සහ කංකානිලාට මේ පළතුරු විකුණයි .. මුදල් එකතුකරදෙන්නේ වත්තේ පඩිදාටයි.. “චුටිමල්ලී මෙන්න අඹගෙඩි හතලිහක සල්ලි.. මේ තියෙන්නේ අලිපේර ගෙඩිවල සල්ලි ” ඒ වනවිට අවුරුදු විසිගණක යුවතියක් වූ මල්ලිකා අක්කා නැඟී එන කුඩා ව්‍යවසායකයාට අතදෙන්නේ එලෙසිනි.. කුඩා අප දෙමව්පියන් සහ අහලපහළ නිවෙස් අතර ඇති සබඳතා ඔස්සේ ගොස් ඒ නිවෙස්වල තරුණියන් ද ප්‍රවේශමෙන් තමන්ගේ ව්‍යවසායක්ත්වය ගොඩනඟන්නට යොදාගත්තේ ඒ ආකාරයෙන්.
5. ඒ කාලයේ රටපුරා ඇතිවූ පුවක් හිඟයත් කිරිඔරුවේ උක්කුපුංචිලා ගෙදර තිබූ පුවක් ගහකත් අතර දුටු ව්‍යාපාරික අවස්ථාව කුඩාදරුවෙක් ලෙස ප්‍රයෝනයට ගත් ආකාරයද අතිශය රසවත් කතාවකි .. බිස්නස් කාරයාට යන යන තැන බිස්නස් අවස්ථා පෙනෙන බවව හොඳම උදාහරණය මෙහිතිබේ . ව්‍යවසායක්ත්වය සහ අධ්‍යාපනය කෙතරම් දුරට එකෙනෙක සමපාත වී ගෙන යා හැකිදයන්න ඒ පුවක් ව්‍යාපාරය අවසානයේ එවකට ඇහැළියගොඩ ප්‍රදේශයේ පාසැලක සිටි උපාධි ගුරුවරයෙකු වූ කිරිඔරුවේ අමරසිංහ මාමා ( අපේ අම්මාගේ ලොකු තාත්තගේ පුතා ) මා ගැන කළ අනාවැකියෙන්ම පැහැදිළි වෙනුඇත.
මේ කාලය වනවිට අපේ අල්ලපු ගෙදර සිටි බන්දුපාල අය්යා ( තේ වත්තේ වැඩකල කම්කරු යුවලකගේ පුත්‍රයෙක්/ ඔයකියපු මල්ලිකා අක්කාගේ මාමගෙ පුතා) හදිසියේම කුරුණෑගල උහුමිය ප්‍රදේශයට යනවා අලුතින් බිස්නස් එකක් පටන්ගන්න.. එහේ ප්‍රසිද්ධ වෙන්නේ ” මාතර මුදලාලා නමින්” අටේ කණුව පොල්වෙලඳ සැල කියලා පටන්ගන්න ඔහුගේ ව්‍යාපාරය පොල්වලින් ගොඩනැඟිලි ද්‍රව්‍ය වෙලඳාමට වෙනස් වෙනවා.. ටිකෙන් ටික පොහොසත් වෙන බන්දු අය්යා අවුරුද්දට ගෙදර එන හැම වතාවෙම අපේ තාත්තා බලන්නත් එනවා.
එකසැරයක් එනකොට මම පාසැල් කාළයෙන් පස්සේ බඩු විකුණන්න පොඩි කඩයක් දාලා ගෙදර.. ඒ වගේම ඊට ටික දවසකට කලින් තිබ්බ පහේ ශිෂ්‍යත්වයෙනුත් සමත් වෙලා .. බන්දු අය්යා මටත් කතා කරලා ගිහින් තාත්තා එක්ක කතාව..
“මාමා චූටි මල්ලී බිස්නස්වලට උනන්දුයි නේද? හැබැයි ඉගෙනගන්නත් ඒ වගේම දක්ෂයි නේද? නරකද ඉගෙනගන්න පැත්තෙන් සමන්ත මල්ලි (අපේ අය්යා , දැන් ඔස්ට්‍රේලියාවේ මහාචාර්යවරයෙක් ) යවලා චූටිමල්ලී බිස්නස්වලින් ඉස්සරහට දැම්මොත් ? අපිටත් පුළුවන් පොඩි උදව්වක් කරන්න..”
ඒ වනවිටත් බණ්ඩාරවෙල මහාවිද්‍යාලයේ හයේ පංතියේ එක දෙක ස්ථාන වල සිටි මට අධ්‍යාපනයෙනුත් සමන්ත වගේම ගමණක් පෙනේ.. බිස්නස්වලින් බන්දු අය්යා වගේ වීමත් නරකම නැත . මොකද බන්දු අය්යා ඒ වෙනකොටත් 1210 ලොරිදෙකක් , අළුත්ම අළුත් හයි ඒස් වෑන් එකක් එහෙම තිබුණ “උහුමියේ මාතර මුදලාල්”ඉ බවට පත්වී සිටි අයෙකි